මරක්කල යන නම හැදුනේ කෙසේද?
ලංකාවේ බොහෝ මුස්ලිම් වරුන්ගේ උප්පැන්න සහතික වල ජාතිය වශයෙන් සඳහන්ව ඇත්තේ ලංකා මරක්කල යනුවෙනි. එමෙන්ම දිවයිනේ ප්‍රදේශ බොහෝමයක මරක්කල ගම යනුවෙන් අතීතයේ සිට මුස්ලිම් වරුන් විසු ගම් ඇත. මුස්ලිම් වරුන් මරක්කල වුයේ කෙසේද? සහ මරක්කල යන නාමය කෙසේ ඇතිවුනි දැයි මදක් සොයා බැලීමට සිත්විය. මෙම ලිපිය ඒ සොයා බැලීමේ ප්රථිඵලයකි.
නමුත් ප්‍රථමයෙන්ම පැවසිය යුතු කරුණක් නම් මුස්ලිම් යනු ආගමක් බවත් මුස්ලිම් කියා ජාතියක් ලොව කොහේවත් නොමැති බවත්ය. ලංකාවේ සිටින මුස්ලිම් ආගමිකයන් අතර ජාතීන් කිහිපයක් වෙති. ලංකා මරක්කල හෙවත් යෝනක, ඉන්දියානු මරක්කල, මැලේ, මාලේ වැසියන් සහ ඉතාමත් සුළු වශයෙන් සිංහල/දමිල ජාතිකයන් වෙති. සිංහල ශබ්ද කෝෂයට අනුව මරක්කල යනු ජන යාත්‍රාවක ප්‍රධානයා, මුස්ලිම් ජාතිකයා යන අරුත් දෙකම ඇති බැව් පැවසේ. අතීතයේ මෙරට පැමිණි මුස්ලිම් ජාතිකයන් මුහුදෙන් පැමිණි වෙලෙන්දන් නිසා ඔවුන් මෙසේ මරක්කල යනුවෙන් හැඳින්වෙන්නට ඇති බව එක් මතවාදයකි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ගේ කාලයේ එනම් 1803 වර්ෂයේ ඉංග්‍රීසීන් විසින් උඩරට ආක්‍රමණය කළේය. මෙහිදී ඉංග්‍රීසි යුධභටයන් 3000ක් සහ ඔවුන්ට සහය වන තවත් දේශීය කුමන්ත්‍රණ කරුවන් රැසක් එන බැව් සැලවීම නිසා උපක්රමිකව පසුබැසීමට රජතුමා තීරණය කරන ලදී. තාවකාලිකව දලදාව ඈතට යැවු රජතුමා හඟුරන්කෙත ප්‍රදේශයට පලායන ලදී. උඩරට රාජධානියට පැමිණි ඉංග්‍රීසි හමුදාව රජතුමා පලාගිය බැව් දැනගෙන ඔත්තු සේවා වල අධාරයෙන් රජතුමා ලුහුබඳින්නට විය. එහිදී එක් ස්ථානයක රජතුමා පලායමින් සිටියදී ඉංග්‍රීසීන් පසුපසින් ලුහුබඳිමින් සිට ඇත. රජතුමා එලවා යන ඉංග්‍රීසීන් එක් මුස්ලිම් කාන්තාවක දැක ඇයගෙන් රජතුමා ගිය දිසාව ඇසු නමුදු ඇය රජතුමා ගිය දිසාව නොපෙන්වා ඉංග්‍රීසීන්ව නොමග යැව්වාය. තමන් මේ කාන්තාව නිසා තමන් නොමග ගිය බැව් දැනගත් ඉංග්‍රීසීන් ඇයව මරා දැම්මාය. පසුව රජතුමා නැවත යුද්ධය දිනා ඒ ස්ථානය පසුකරන විට මේ කථාව අසා “මා රැක්ක ලේ” කීවේලු. මා රැක්කලේ පසුව මරක්කලේ වු බවට තවත් කථාවකි. කලක සිට ලංකාවේ දමිල විද්වතුන්ගේ අවශ්‍යතාවය වුයේ ලාංකීය මුස්ලිම් වරුන් ද්‍රවිඩ ජාතිකයන් බවට මතයක් ගොඩ නැගීමටයි. එමනිසා ඔවුන් විසින් ගොඩ නගන ලද තර්කය වුයේ ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට මරක් කලම් හෙවත් ලී බෝට්ටු වලින් පැමිණි අය පසුකාලීණව මරක්කල මිනිස්සු නමින් හැඳින්වු බවයි (Ref: Yarlpana Vaipava Malai 1736 by Mailvaganar Pulavar). තවද ලාංකීය මුස්ලිම් වරුන් සමහරෙක් අතර සහ මෙරට පාලනය කළ සමහර බටහිර අධිරාජ්‍ය පාලකයන්ගේ අදහස නම් මේ අයවළුන් මොරොක්කෝ නැමති රටේ සිට පැමිණි නිසා මුවර් හෙවත් මරක්කල යන නමින් හැඳින්වෙන්නට ඇති බවයි. (Ref: The Story of Lanka by E. L. Blaze) පෘතුගාලයේ සහ ස්පාඥ්ඤයේද මුස්ලිම් වරුන් මුවර් යනුවෙන් හඳුන්වති. මෙය ඇත්තටම ශක්තිමත් තර්කයක් බව මගේ අදහසයි. ලාංකීය කතෝලිකයන්ගේ බහුතරයක් සිටින කරාව කුලයෙන් පැවත එන වාසගම්හිද මහ මරක්කලගේ, අරස මරක්කලගේ, අන්ද්‍ර මරක්කලගේ, ඇන්ටින්න මරක්කලගේ, කොඩි මරක්කලගේ, ලොකු මරක්කලගේ, මන්නා මරක්කලගේ, සාන්ද්‍රා මරක්කලගේ සහ මරක්කල මාලිමිගේ යන වාසගම් අදද දක්නට ඇත. ඔවුන් ඒ පිළිබඳව පවසන්නේ අතීතයේ කුරු මන්ඩල වෙරල එනම් කුරු දේශයේ සිට ලංකාවට පැමිණි පිරිසක් ලෙසයි. ඔවුන් පවසන පරිදි අතීතයේ පෘතුගීසීන් මෙරටට පැමිණි කළ ඔවුන් සමග සටන්කොට ඇත. නමුත් ලිඛිත ඉතිහාසයේ සඳහන් වන්නේ මුස්ලිම් වරුන් පෘතුගීසීන් සමග සටන් කළ බවයි. ඒ නිසා මෙම මරක්කාර් වරුන් අතීතයේ මුස්ලිම්වරුන්ව සිට පසුකාලීණව පෘතුගීසි බලපෑම් හමුවේ ඉස්ලාමය අතහැර කතෝලිකයන් වු අය බවටද සිතිය හැක. ඔවුන් පසුකාලීණව ලංකාවේ ධීවර කර්මාන්තය කළ කරාව කුලය සමග සම්මිශ්‍රණය වුවද පසුකාලීණවත් පැරණි වාසගමම සහිතව සිටියා වන්නට පුළුවන. ස්තුතිය අන්වර් මනතුංග බ්ලොග් අඩවියට ...